Link to newsround

අභ්‍යාවකාශයට දිස්වුණු උත්තරාලෝකය වීඩියෝවකින්

බ්‍රිතාන්‍ය අභාවකාශගාමී ටීම් පීක් විසින් ජාත්‍යන්තර අභ්‍යාවකාශයේ සිට පටිගත කළ මනස්කාන්ත උත්තරාලෝක ධාරාවන් අඩංගු වීඩියෝවක් එවනු ලැබ තිබේ.

සෑම තත්පරයක දීම එකදිගට ලබාගත් ඡයාරූප රාශියක් එකට අමුණා විසිපස් වාරයක් වේගවත් ව මෙම වීඩියෝව සකස් කර තිබේ.

අභාවකාශගාමී ටීම් පීක් "උත්තරාලෝකය අභ්‍යවකාශ මධ්‍යත්නයේ සිට දිස්වන අයුරු, කෙලවරේ දිස්වන චනද්‍රිකා යානා දෙක දුටුවාද?" යනුවෙන් ලියා මෙම වීඩියෝව බෙදාහැර තිබිණි.

කොළ පැහැයට හුරු නිල් පැහැයෙන් යුත් උත්තරාලෝකය ඇතිවන්නේ හිරුගෙන් ගිලිහෙන කුඩා අංශු කොටස් පෘතුවියේ වායුගෝලය වෙත මිශ්‍ර වූ විටයි

උත්තරාලෝකය සුර්ය උදාවට ඉහලින් පෙනෙන්නේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘතුවි කක්ෂය වටා යන ආකාරය අනුවයි.

එය සඳ නැගීම හෝ හිරු උදාවට සමාන වන නමුත් උත්තරාලෝකය පෘතුවියේ සිට දැකීම අසීරුය.

මෙම වීඩියෝව ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනයෙනි

  • Published