තාජුදින්ගේ ඥාතීන් මහාධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක

මියගිය වසීම් තාජුදින්ගේ ඥාතින් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර කොළඹ මහාධිකරණය අවට පොලිස් ආරක්ෂාව තරකර තිබුණි.
ඡායාරූප ශීර්ෂ වැකිය, මියගිය වසීම් තාජුදින්ගේ ඥාතින් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර කොළඹ මහාධිකරණය අවට පොලිස් ආරක්ෂාව තරකර තිබුණි
Published

වසීම් තාජුදින් ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගන්නැයි බලකරමින් අද (දෙසැ. 07) කොළඹ මහාධිකරණය ඉදිරියේ නිහඬ විරෝධතාවක් පැවැත්විණි.

මියගිය වසීම් තාජුදින්ගේ ඥාතින් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටි අතර කොළඹ මහාධිකරණය අවට පොලිස් ආරක්ෂාව තරකර තිබුණි.

අදාළ මරණය පිළිබඳව මුල් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර ඇතුළු වෛද්‍ය මණ්ඩලය වගකීමකින් තොරව කටයුතු කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.

තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලා වෛද්‍ය ආනන්ද සමරසේකර ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් මහාධිකරණයට කැඳවා තිබියදී
ඡායාරූප ශීර්ෂ වැකිය, තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලා වෛද්‍ය ආනන්ද සමරසේකර ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් මහාධිකරණයට කැඳවා තිබියදී

මෙම විරෝධතාව දියත්වූයේ වසීම් තාජුදින් ඝාතනය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලා වෛද්‍ය ආනන්ද සමරසේකර ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් මහාධිකරණයට කැඳවා තිබියදීය.

එය ජනවාරි මස දහවැනිදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කළේය.