"අද අපේ රටේ තියෙන්නේ මොංගල් අධ්‍යාපන ක්‍රමයක්"
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින්නේ "මොංගල්" අධ්‍යාපන ක්‍රමයක් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ පවසයි.
ඔහු මේබව කියා සිටියේ අද (පෙබ. 09) පාර්ලිමේන්තුව අමතමිනි.
"අද අපේ රටේ තියෙන්නේ මොංගල් අධ්‍යාපන ක්‍රමයක්. මං මේ කියන්නේ උගන්වන අයවත් සිලබස්වත් නෙමෙයි. පවතින ක්‍රමය. මේ ජරාජීර්ණ ක්‍රමය අවුරුදු තිහක්, තිස්පහක් තිස්සේ පවතින ක්‍රමය." යනුවෙන් ඇමතිවරයා පැවසීය.
සයිටම්
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පිළිබඳව රජයේ වෛද්‍යවරුන් සිටින ස්ථාවරය විවේචනයට ලක්කරමින් කතා කළ අධිකරණ ඇමතිවරයා, රජයේ වෛද්‍ය විද්‍යාල තුළ මේවනවිට ගුණාත්මකභාවයක් ඇත්දැයි ප්‍රශ්නකර සිටියේය.
එමෙන්ම බොහෝ වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී අනුගමනයකරන ක්‍රියා පිළිවෙත ද අධිකරණ අමාත්‍යවරයාගේ විවේචනයට ලක්විය.
විශේෂඥතුමා
"පෞද්ගලික රෝහලට ගියහම මට හම්බවුනේ නොම්බර 99. පැය තුනට විශේෂඥතුමා දීල තියෙනවා නොම්බර සීයක්. එකේ ඉඳල දහය දක්වා එන්න කියනවා ඇතුළට. අර කුකුල් කූඩුවක් වගේ කාමරයක් ඇතුලේ දහදෙනෙක් දාල, එකේ කාන්තාවෝ ඉන්නව . තරුණ අය ඉන්නව. මහලු අය ඉන්නව. හැමෝම ඉස්සරහ මගේ ලෙඩේ අහනවා. දහයක් පහළොවක් ඉස්සරහ පුලුවන්ද මට තියෙන ලෙඩේ මොකක්ද කියල කියන්න." යනුවෙන් ඇමතිවරයා ප්‍රකාශ කළේය.
(වීඩියෝ පටය ඉහතින් අමුණා ඇත.)