බංගලාදේශයේ ගංගා ප්‍රවාහන සේවා වර්ජනයක්

ඡායාරූප මූලාශ්‍රය, Focus Bangla
Published
බංග්ලාදේශයේ ගංගා ඔස්සේ සිදුවන ප්‍රවාහන සේවාවන්වල සේවකයන් විසින් දින නියමයක් නැති වැඩ වර්ජනයක් අරඹා තිබේ.
අවම වැටුප ටකා 10,000 ක් කිරීම ඇතුළු ඉල්ලීම් 15 ක් සඳහා විසඳුම් ලබා ගැනීමේ අරමුණිනුයි මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් ගංගා හරහා සිදු වන සියලු ආකාරයේ ප්‍රවාහනය කිරීම් ඇනහිට ඇති අතර දස දහස් ගණන් පිරිස් පීඩාවට පත් වී ඇත.
මෙයට විසඳුමක් ලබා දීම පිණිස සේවකයන් සහ බලධාරීන් අතර මෙතෙක් පැවති සාකච්ඡා බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.























