දම්පැහැ වැස්ස නිමාවේ ප්‍රින්ස් නිහඬ අවසන් ගමනක

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
හදිසියේ වියෝ වූ ඇමරිකානු පොප් ගායක ප්‍රින්ස් ගේ අවසන් කටයුතු මිනෙසෝටා ප්‍රාන්තයේ මිනේපොලිස් හි දී පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබිණි.
ඔහුගේ දේහය ආදාහනය කෙරුණු අතර ඔහුගේ හදිසි මරණයට හේතුව තවමත් අනාවරණය වී නැත.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඔහු ට සම්බන්ධ ප්‍රකාශකයින් පවසන්නේ මරණ පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වීම සඳහා අවම වශයෙන් සති හතරක කාලයක් ගත විය හැකි බවයි.
ප්‍රින්ස් පිලිබඳ මතකය සැමරීම සඳහා ඔහුගේ රසිකයන් වෙනුවෙන් පසුව සංගීත සංදර්ශනයක් පැවැත්වීමට අදහස් කරන බවටයි අදහස් පළවී ඇත්තේ.























