කෙන්යාවේ ගංවතුර: අවම වශයෙන් 14 ක් මරුට

වීඩියෝ ශීර්ෂ වැකිය, The six-storey building collapsed after heavy rains
Published

අධික වර්ෂාව හේතුවෙන් කෙන්යාවේ නයිරෝබි නුවර තට්ටුනිවාසයක් කඩා වැටීමෙන් අවම වශයෙන් 7 දෙනෙකු මියගොස් ඇති අතර සුන් බුන් අතර සිරවී ඇතැයි සැලකෙන තවත් පිරිසක් සොයා සහන සේවකයෝ කටයුතුකරමින් සිටිති.

හුරුමා නිවාස සංඛීර්ණයේ කඩාවැටුණු ගොඩනැගිල්ල අසල පිරිස් රැස්වී සිටින අයුරු සහ දිවිබෙරාගනීමේ මෙහෙයුම් සිදුකෙරෙමින් පවතින ආකාරයයි රුපවාහිනී දර්ශන ඔස්සේ විකාශනය වන්නේ.

දිවි බේරා ගැනීම පිණිස සහන සේවකයන් පැමිණෙන විට කඩා වැටුණු ගොඩනැගිල්ල අසල පැවති කලබලකාරී වාතාවරණය රතු කුරුස සංවිධානයේ දෝෂ දර්ශනයට හේතුවී තිබේ.

පොලිස් ප්‍රධානී ජාපෙත් කොමේ පැවසුවේ අවම වශයෙන් පුද්ගලයන් 121දෙනෙකු බේරා ගත් බවයි.

කොන්ක්‍රීට් කඳන් යට සිරවී තවත් කොපමණ පිරිසක් ඇත්දැයි පැහැදිලි නැති අතර කඩා වැටුණ ගොඩනැගිල්ලේ තිබුණේ තට්ටු 6ක් ද 7ක් ද යන්න පිළිබඳවත් පැහැදිලි තොරතුරක් ලබා ගත නොහැකි බවයි වාර්තාවන්නේ.

කඩාවැටුණු ගොඩනැගිල්ලට යටවී මියගිය 7 දෙනා ද ඇතුළුව මේ දක්වා මෙම අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

Kenyan police officers and Kenyan National Youth Servicemen work at the site of a building collapse in Nairobi, Kenya, Saturday, April 30, 2016

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, කඩාවැටීමට පෙර වර්ෂාව හේතුවෙන් එය සෙලවෙන්නට පටන්ගත් බවයි එහි සිටියවුන් පවසන්නේ

කෙන්යානු රුපවාහිනී ජාලය (KTN) සෙනසුරාදා උදෑසන පැවසුවේ කඩාවැටුණු ගොඩනැගිල්ලට නුදුරින් ඇති තවත් ගොඩනැගිල්ලක වැසියන් ඉවත්කරනු ලැබුවේ එයද කඩාවැටීමේඅනතුරක් පවතින හෙයින් බවයි.

ගංවතුර හේතුවෙන් නගරය පුරා නිවාස දහසකට වඩා අනතුරට ලක් වී ඇති බවයි පැවසෙන්නේ.

කෙන්යාවේ ජාතික ගොඩනැගිලි අධිකාරියේ සභාපති ස්ටීවන් ඔවුන්දෝ KTN මාධ්‍ය ජලය වෙත පවසා තිබුණේ මෙම ගොඩනැගිල්ල මිනිස් වාසයට සුදුසු බවට කිසිදු සහතිකයක් නැති බව තමන්ට විශ්වාස බවයි.

The damage of a collapsed building in Nairobi after a six-storey residential building in a low income area of the Kenyan capital collapsed (30 April 2016)

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතා දුර්වල ආකාරයෙන් නිම කළ ගොඩනැගිලි රැසක් නයිරෝබි නුවර ඇති බවයි වාර්තා වන්නේ.

හරුමා ප්‍රදේශය නයිරෝබි නුවරට නුදුරින් ඇති පටු මංමාවත් වලින් යුත් දුප්පත් දිස්ත්‍රික්කයක් වන අතර එකතු වී සිටින ඇති විශාල පිරිස හේතුවෙන් ගිනි නිවන හමුදා භටයන් ඇතුළු සහන සේවකයන්ට තම කාර්යය හරි හැටි කිරීමට බාධා එල්ල වී තිබේ.

මද වෙලාවකට පසු කෙන්යා හමුදාව රතුකුරුස සංවිධානය සමග එක්ව දිවි බේරා ගැනීමේ කටයුතු ඇරඹු බවයි වාර්තාවන්නේ.

සුන්බුන් අතරින් තවමත් මිනිසුන්ගේ කටහඬ ඇසෙන බවයි රතු කුරුස සංවිධානය පවසන්නේ

Rescue personnel search for survivors at the site of a building collapse in Nairobi, Kenya (30 April 2016)

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, සිකුරාදා රාත්‍රිය පුරා සහන සේවකයෝ දිවි බේරාගැනීමේ කටයුතු වල නියැලුණහ.

වාර්තාකරුවන පවසන ආකාරයට ගොඩනැගිලි වල තත්වය දුර්වල වන අතර පසුගිය වසරේ කරන ලද සමීක්ෂණයකින් නයිරෝබි නුවර මුළු ගොඩනැගිලි සංඛ්‍යාවෙන් අඩක්ම මිනිස් වාසයට නුසුදුසු බවටයි තීරණය වී ඇත්තේ.

පසුගිය වසරේ ගොඩනැගිලි කඩා වැටීමකින් පසු කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා නියෝග කර තිබුණේ සියළු ගොඩනැගිලි පරීක්ෂාවකට ලක් කරන ලෙසයි.