තුර්කියේ පොලිස් මූලස්ථානයක් ආසන්නයේ බෝම්බ පිපිරීමක්

පිපිරීම හේතුවෙන් ඒ අවට පිහිටි ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති අයුරු

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පිපිරීම හේතුවෙන් ඒ අවට පිහිටි ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති අයුරු
Published

දකුණු දිග තුර්කියේ ගාසියාන්ටෙප් නගරයේ පිහිටි ප්‍රධාන පොලිස් ස්ථානයෙන් පිටත මෝටර් රථ බෝම්බයක් පුපුරා ගොස් තිබේ.

බෝම්බයට හසු වී එක් අයකු මරුමුවට පත් වී ඇති අතර දහතුන් දෙනකු තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

ගාසියාන්ටෙප් නගරය පිහිටා ඇත්තේ සිරියානු දේශ සීමාව ආසන්නයේයි.

පිපිරීම සිදු වන අවස්ථාවේ වෙඩි හඬක් ඇසුණු බවත් සනාථ නොකළ වාර්තා වල සඳහන්.

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකුත් විසින් බාර ගෙන නොමැත.

පොලිස් ස්ථානයේ පිවිසුම ඉදිරිපිට විනාශ වී ගිය මෝටර් රථයක සුන්බුන් කොටස් දැක ගත හැක

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පොලිස් ස්ථානයේ පිවිසුම ඉදිරිපිට විනාශ වී ගිය මෝටර් රථයක සුන්බුන් කොටස් දැක ගත හැක

ගතව ගිය වසරක කාලය තුළ තුර්කියට මාරක බෝම්බ ප්‍රහාර ගණනාවක් එල්ල විය.

එකී ප්‍රහාර සම්බන්ධයෙන් කුර්දි කැරලිකරුවන්ට හෝ ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානයට චෝදනා එල්ල විය.

මේ අතර ඉස්තාම්බුල් අගනුවර මැයි දින රැළියක් පැවැත්වීමට උත්සාහ කළ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කොට තිබේ.

මැයි දිනය වෙනුවෙන් නගරයේ ආරක්ෂාව දැඩි කොට ඇති අතර අගනුවර අවට විසි පන්දහසකට අධික අතිරේක පොලිස් බල ඇණි යොදවා ඇති බවයි බලධාරීන් පවසන්නේ.