ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් රූපලාවන්‍යාගාරයක් වටලයි
වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව පවසමින් ව්‍යාජ ප්‍රථිපල රහිත ප්‍රතිකාර වෙනුවෙන් ගනුදෙනුකරුවන්ගෙන් විශාල මුදලක් අය කරන බවට ලද පැමිණිල්ලක් හේතුවෙන් රූපාලාවන්‍යාගාරයක් වැටලූ බව හොංකොං පොලිසිය පවසයි.
මෙම වැටලීමේ දී ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටි කාන්තාවන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ.
ඔක්සිජන් ආඝ්‍රාණය කිරීම සහ අධෝරක්ත එළිය යොදා ගෙන කරනු ලබන නිෂ්ඵල වෛද්‍ය ප්‍රතිකාර සඳහා පුද්ගලයන් හත්දෙනෙකු විසින් ඇමරිකානු ඩොලර් ලක්ෂ හයකට වැඩි මුදලක් මෙම ආයතනයට ගෙවා ඇති බවට කරුණු හෙළි වී තිබේ.
මෙම ප්‍රතිකාර වලට භාජනය වීමට නම් වෙනත් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගන්නා බවට එහි පැමිණෙන රෝගීන්ගෙන් අත්සන් ලබා ගැනීමට අදාළ රූපාලාවන්‍යාගාරය පියවර ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් අතර මානසික ආතතිය සහ පිළිකා වැනි රෝග වලින් පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සිටින බවයි හොංකොං මාධ්‍ය වාර්තා පවසන්නේ.