ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නවසීලන්ත අගමැති පාර්ලිමේන්තුවෙන් ඉවත් කෙරෙයි
නවසීලන්ත අගමැති ජෝන් කේ (John Key)පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන අතරවාරයේ සභාවෙන් ඉවත් කරනු ලැබුණි.
අගමැතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයකු සමඟ ඉතාම උණුසුම් විවාදයක පැටලී සිටින අතරවාරයේයි කතානායකවරයා විසින් එම තීන්දුව ගනු ලැබුණේ.
එකී විවාදය පැවැත්වුනේ පැනමා රහස්‍ය මූල්‍ය තැන්පතු සම්බන්ධයෙනි.
විවාදය මෙහෙයවමින් සිටියදී සිය නියෝගය ද නොතකා අගමැතිවරයා දිගටම කතා කරන්නට පටන් ගැනීමෙන් පසුවයි කතානායකවරයා විසින් ඔහු ඉවත් කරනු ලැබීමේ තීන්දුව ගෙන තිබෙන්නේ.
මුලසුනට අවනත නොවූ අගමැතිවරයා සභාවෙන් පිටමං කළ යුතු බවයි කතානායකවරයාගේ නිගමනය වී තිබෙන්නේ.
අගමැති ජෝන් කේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරද්දීත් තුන් වතාවක් ම පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනු ලැබ ඇත.