ඉන්දීය අගමැති මව 'පළමු වරට පුතුගේ නිල නිවසට'

ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi
අගමැති පදවියට පත් වීමෙන් අනතුරුව වසර දෙකකට පසුව පළමුවරට සිය නිල නිවසට පැමිණි තම මව සමග පෙනී සිටින ඡායාරූප අන්තර්ජාලයේ පළ කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගත් පියවර සමාජ මාධ්‍ය ජාලයෙහි මහත් ඇගයුමට ලක් වෙමින් පවතියි.
ඉන්දීය අගමැතිවරයාගේ අනූ විය ඉක්ම වූ මව හීරාබෙන් මෝදි සිය උපන් ගම වූ ගුජරාට් නගරයේ පිහිටි පවුලේ නිවසේ දිවි ගෙවන්නීය.
දීර්ඝ කාලයකට පසුව තම මව සමග හරවත් කාලයක් ගත කිරීමට අවස්ථාව උදා වූ බව ඉන්දීය අගමැතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කොට තිබේ.
2014 වසරේ පැවති මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජය ලැබීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදි අගමැති ධුරයට පත් විය.
"මගේ මව නැවත ගුජරාටය බලා යනවා. ඇය අගමැති නිල නිවසට පැමිණි පළමු අවස්ථාවත් මෙයයි," අගමැතිවරයාගේ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.
සිය නිල නිවසට පැමිණෙන ලෙස තම මවට ආරාධනා කිරීමට අගමැතිවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් ට්විටර් ජාලය ඔස්සේත් ප්‍රසාදය පළ වෙමින් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi

ඡායාරූප මූලාශ්‍රය, Narendra Modi

ඡායාරූප මූලාශ්‍රය, Kunwar Moeez Khan























