අවි ගබඩාවක ගින්නකින් ඉන්දීය 'හමුදාවේ දාහතක් මරුට'

ඉන්දීය හමුදාවට අයත් ගිනි අවි ගබඩා ගින්නට හසු වීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළ වාර්තා විය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්දීය හමුදාවට අයත් ගිනි අවි ගබඩා ගින්නට හසු වීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළ වාර්තා විය.
Published

ඉන්දීය හමුදාවට අයත් ගිනි අවි ගබඩාවක හට ගත් ගින්නක් හේතුවෙන් හමුදා භටයන් දාහත් දෙනකු මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි අවි ගබඩාවේ ගින්න ඇති වීමත් සමග ඒ තුළ පිපිරුම් කීපයක් හට ගෙන තිබේ.

ඒ අවට ගම්මානවල වෙසෙන දහසකට අධික පිරිසක් එම ප්‍රදේශයෙන් ඉවත් කොට ඇති බවත් බලධාරීහු කියා සිටිති.

ගිනි නිවන හමුදා ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන අතර ගින්නට හසු වී දහනව දෙනකු තුවාල ලබා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැත.

අඟහරුවාදා උදෑසන හට ගත් ගින්න ගබඩාව පුරා ක්ෂණිකව ව්‍යාප්ත වී ඇත.

ඉන්දීය හමුදාවට අයත් ගිනි අවි ගබඩා ගින්නට හසු වීමේ සිදුවීම් ගණනාවක් පසුගිය කාලය තුළ වාර්තා විය.