තායි පන්සලේ ව්‍යාඝ්‍ර පැටවුන්ගේ මළ සිරුරු හතළිහක්

Thai DNP officers collect samples for DNA testing from the carcasses of 40 tiger cubs found undeclared at the Wat Pha Luang Ta Bua Tiger Temple on June 1, 2016 in Kanchanaburi province, Thailand.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයෝ වසර කීපයක් තිස්සේ දිගින් දිගටම කියා සිටියේ එම බෞද්ධ විහාරය වසා දමන ලෙසයි.
Published

වන සතුන් ජාවාරම් කරන බවට සහ හිංසනයට ලක් කරන බවට චෝදනා ලද තායිලන්ත බෞද්ධ විහාරස්ථානයේ අධිශීතකරණයක් තුළ තිබී ව්‍යාඝ්‍ර පැටවුන් හතළිස් දෙනකුගේ මළ සිරුරු හමු වී ඇත.

ඉහත කී විහාරස්ථානයේ ඇති කළ ව්‍යාඝ්‍රයන් ඉන් ඉවත් කිරීමේ මෙහෙයුමක් පොලිසිය සහ වනජීවී නිලධාරීහු එක්ව පසුගිය සඳුදා ආරම්භ කළහ.

ව්‍යාඝ්‍ර පැටවුන් හතළිස් දෙනකුගේ මළ සිරුරු පොළොව මත එක පෙළට තබා ඇති ආකාරය දැක්වෙන ඡායාරූප එම ස්ථානයේ සිටින ජනමාධ්‍යවේදියකු විසින් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ තිබේ.

Dead tiger cubs are displayed by Thai officials after they were found during a raid on the controversial Tiger Temple,

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, විහාරස්ථානයේ රඳවා සිටින සතුන්ට හිංසා සිදු කරන බවට චෝදනා එල්ල වූ අතර එහි වැඩවසන භික්ෂුහු එම චෝදනා ප්‍රතික්ෂේප කළහ

සංචාරකයන් අතර ප්‍රචලිත 'කාංචනාබූරි' විහාරස්ථානය මේ වන විට මහජනතාවට විවෘතව නොමැත.

අධිශීතකරණය තුළ තිබී වෙනත් සත්ව විශේෂවලට අයත් සිරුරු කොටස් ද හමු වූ බව එම අවස්ථාවේ එහි සිටි 'වනජීවී මිතුරු පදනමේ'(Wildlife Friends Foundation) ටොම් ටේලර් කියා සිටියේය.

මේ දක්වා, විහාරස්ථානය තුළ රඳවා සිටි ව්‍යාඝ්‍රයන් 137 දෙනකුගෙන් 40 දෙනකු වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇති බවත් ටොම් ටේලර් සඳහන් කළේය.

දම්වැල්වලින් ගැට ගසන ලද ව්‍යාඝ්‍රයන් සමග ඇවිදීමට සහ ඡායාරූප ගැනීමට සංචාරකයන් වෙත අවස්ථාව සලසමින් ඉහත කී බෞද්ධ විහාරය වසරකට ඩොලර් පනස් ලක්ෂයකට අධික මුදලක් උපයා ගන්නා බව ඇස්තමේන්තු කොට ඇත.