මොහොමඩ් අලි: සමුගත් දැවැන්තයා

May 6th 1966: Muhammad Ali in training for his title fight against Henry Cooper. copyright PRESS ASSOCIATION

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, මොහොමඩ් අලි සැලකෙන්නේ ලොව මෙතෙක් බිහිවූ වඩාත්ම ශ්‍රේෂ්ඨතම බොක්සිං ක්‍රීඩකයා ලෙසටයි
Published

ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් බොක්සිං ශුරයා වන මොහොමඩ් අලි බ්‍රහස්පතින්දා ඇරිසෝනා හි ෆීනික්ස් නගරයේ රෝහලකට ඇතුලත්කළ අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.

බොක්සිං ශූරයෙකු ලෙස ලෝකය පුරා අපරිමිත සම්මානයට පත්‍ර වූ මොහොමඩ් අලි තම ජීවිත ගමන නිමා කරන විට 74 හැවිරිදි විය.

පාර්කින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටි අලි ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අපහසුවකින්ද පෙළුණු බවයි රෝහල් ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

ඔහුගේ අවසාන කටයුතු උපන් නගරය වන කෙන්ටකි හි ලුයිස්විල් නගරයේ දී සිදුවනු ඇති බව පවුලේ නිවේදනයක දැක්වෙයි.

කැෂියස් මාසලස් ක්ලේ නමින් උපත ලද අලි තම නම ලෝකයා අතරට ගෙන ආවේ 1960 රෝමයේ පැවති ලෝක බොක්සිං ශුරතාවයේ රන් පදක්කම දිනාගනිමිනි.

වීඩියෝ ශීර්ෂ වැකිය, Archive: Muhammad Ali

'ශ්‍රේෂ්ඨතමයා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ඇමරිකානු ජාතික අලි 1964 දී එවකට බොක්සිං ලෝකයේ දවන්තයා බවට පත්ව සිටි සෝනි ලිස්ටන් පරදවා ලෝක බොක්සිං ශුරයා බවට පත්විය.

තවත් අවස්ථා තුනක දීම ඔහු ලෝක බොක්සිං ශුරයා බවට පත්වෙමින් බොක්සිං ලෝකයේ දැවැන්තයා ලෙස සිය නම ඉතිහාසයට එක් කළේය.

අවසානයේ 1981 දී ඔහු විශ්‍රාම ගන්නා විට ඔහු එතෙක් ඉදිරිපත් වූ තරඟ 61 කින් 56 ක් ම දිනා ගත් ශ්‍රේෂ්ඨතම බොක්සිං ශුරයා බවට පත් වී සිටියේය.

"මේ ශතවර්ෂයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා" ලෙස ඔටුනු පැළඳ මොහොමඩ් අලි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස ක්‍රීඩාව තුළ වර්ගවාදය සහ ජාතිකත්වය ඉස්මතුවීම වැළැක්වීම සඳහා සටන් කළේය.

1963 දී බ්‍රිතාන්‍යයේ බොක්සිං ශුරයා වූ හෙන්රි කූපර් බිම දැමූ අලි 1964 දී රෝම ඔලිම්පික් ජයග්‍රහණයත් සමග වෘත්තීය ක්‍රීඩකයෙකු බවට පත්විය. අලිගේ නිදහස් සටන් ඉරියව් නරඹන්නන් කුල්මත් කිරීමට සමත් වූ බවයි අදත් අලි සහ කූපර් අතර තරඟය නරම්බුවන් පවසන්නේ.

එක් වටයක දී කූපර් ගේ පහරකින් බිම පතිත වූ අලි නැගී සිටිමින් ඊළඟ වටයේ දී එල්ල කළ ප්‍රහාරයකින් කූපර් ගේ වම් ඇසට ඉහලින් පැල්මක් ද සහිතව විශ්‍රාම ගැන්වීමට අලි සමත්විය.

Boxing legend Muhammad Ali blows a kiss after receiving Sports Illustrateds 20th Century Sportsman of the Century Award in 1999

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, 1999 දී 20 වැනි ශතවර්ෂයේ ක්‍රීඩකයා ලෙස කිරුළු පැළඳි මොහොත

1960 ඔලිම්පික් තර්නගයේ දී දී අඩු බර බොක්සිං තරඟයෙන් රන්පදක්කම දිනූ මොහොමඩ් අලි වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස 1964 සිට 1967 දක්වාද , 1974 සිට 1978 දක්වාද 1978 සිට 1979 දක්වාද ලෝක ශුරයාව සිටියේය.

වෘත්තීයමය තරඟ 61 කට සහභාගී වූ මොහොමඩ් අලි බිම දැමීම් 37 ක් සහ තීරණය මගින් ලැබූ ජයග්‍රහණ 19 ක් ද ඇතුළුව තරඟ 56 ක් ජය ගත්තේය. ඔහු පරාජය වූ තරඟ පහෙන් හතරක් තීරණය වූ ඒවා වන අතර අනෙක් තරඟය ඔහු විශාම ගැන්වීමට සමත්විය.

Muhammad Ali, arms raised in victory, walks to his corner as referee Zack Clayton counts out George Foreman after Ali knocked him down in the eighth round of their Rumble in the Jungle

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, 1974 දී සුප්‍රසිද්ධ "රම්බල් ඉන් ද ජන්ගල්" තරඟයේ දී ජෝර්ජ් ෆොර්මන් පරදා ජයගත් මොහොත

කැෂියස් ක්ලේ නමින් ප්‍රසිද්ධව සිටි කාලයේ සිට ඉස්ලාම් දහමට නැඹුරු වූ ඔහු ඇමරිකාවේ සිටින අප්‍රිකානු ඇමරිකානු ජාතිකයන් ගේ ආර්ථික හා සමාජීය තත්වය පිළිබඳව සිටියේ කනස්සල්ලෙන්.

ආචාර්ය මාටින් ලුතර් කින් ගේ අනුගාමිත්වයෙන් ඉස්ලාම් ජාතිය විසින් කළු ජාතිකයන් සඳහා වෙනම පාලනයක් ඉල්ලා සටන් පැවති සමයේ අලි එතෙක් තමන් භාවිතා කළ කැෂියස් ක්ලේ නම ඉවත ලා මොහොමඩ් අලි නමින් ඉස්ලාම් අගමිකයෙකු බවට පත්විය.

ඒ පිළිබඳව ඔහු පැවසුවේ තමන්ගේ 'වහල් නාමය' අත් හැර දැමීමක් ලෙසටයි.

U.S. boxing great Muhammad Ali poses during the Crystal Award ceremony at the World Economic Forum (WEF) in Davos, Switzerland, in this January 28, 2006 file photo.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

1967 දී ඇමරිකාව විසින් ආරම්භ කළ වියට්නාම් යුද්ධයට විරෝධය පළ කළ අතර බොහෝ ඇමරිකානුවන් ගෙන් ඔහුට එරෙහිව විවේචන එල්ල විය.

ඇමරිකානු හමුදාවට සහය දීම ප්‍රතික්ෂේප කිරීමත් සමග අලි ගේ බොක්සිං බලපත්‍රය අවලංගු කර ලෝක ශුරතා නාමය ඉවත්කළේය. ඉන්පසු වසර හතරක් යනතුරු ඔහු ක්‍රීඩා තරඟ වලට සහභාගී නොවීය.

හමුදාවට සහය දීම ප්‍රතික්ෂේප කිරීම සඳහා වූ දඬුවම් කාලය 1971 දී නිමාවට පත්වූ අතර බොක්සිං ඉතිහාසයේ සලකුණු වූ වඩාත්ම සුවිශේෂී තරඟ තුනක් සඳහා සහභාගී වූයේ ඉන් පසුවයි. ඉන්පසු ඔහුගේ ජනප්‍රියතාවය යළි මතුවී ආවේය.

මොහොමඩ් අලි ගේ පළමු පරාජය සිදුවුයේ 1971 මාර්තු 8 වැනිදා නිව්යෝර්ක් හි පැවති "ශතවර්ෂයේ තරඟය" සඳහා අලි හා තරඟ කළ ජෝ ෆ්රෙසියර් අතින්.

එහෙත් තම අභිමානය රැකගැනීම පිණිස වර්ෂ 1974 ඔක්තෝබර් 30 වැනිදා කොංගෝවේ පැවති 'රම්බල් ඉන් ද ජන්ගල්' තරඟයේ අටවැනි වටයේ දී ජෝජෝ ෆ්රෙසියර් බිම දමා ජයග්‍රහණය කිරීමට අලි සමත් විය.

වීඩියෝ ශීර්ෂ වැකිය, Ali speaks to the BBC before the Rumble in the Jungle

තුන්වැනි සහ අවසාන වතාවට ජෝ ෆ්රෙසියර් පරාජය කිරීමට අලි සමත්වූයේ 1975 ඔක්තෝබර් 1 වැනිදා පිලිපීනයේ පැවති තරඟයේ දී පහළොස් වැනි වටයේ දීත් නැගී සිටි ජෝ පරදවා ලමින්.

පාර්කින්සන් රෝගයෙන් පෙළෙමින් සිටි මොහොමඩ් අලි 2012 ලන්ඩනයේ පැවති ඔලිම්පික් තරඟාවලිය ආරම්භ කිරීම සඳහා ඔලිම්පික් පහන ද දැල්වීය.