අලි ගේ මරණයෙන් ට්‍රම්ප්-හිලරි මත ගැටුමක්

Published
ලෝක පූජිත බොක්සිං ක්‍රීඩක මොහොමඩ් අලි ගේ මරණය නොවැම්බර් මාසයේ දී ඇමරිකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් අතර දේශපාලන මත ගැටුමකට ද හේතුවී තිබේ.
මියගිය ශ්‍රේෂ්ඨයාට තම ගෞරවය දක්වමින් රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂකයී වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මොහොමඩ් අලි සබවින්ම ශ්‍රේෂ්ඨ ලෝක ශුරයෙකු වන අතර ලෝකයට ඔහුගේ අඩුව දැනෙනු ඇති බවයි.
එහෙත් පසුගිය වසරේ මුස්ලිම් ජාතිකයන්ට ඇමරිකාවට ඇතුල්වීමට ඉඩ නොදියයුතු බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය මොහොමඩ් අලි විසින් හෙළා දැක තිබුණි.
ඩිමොක්ක්‍රටික් අපේක්ෂක සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් ට්‍රම්ප් ගේ කුහක සහ වංචනික ප්‍රකාශය හෙළා දුටු අතර හිලරි ක්ලින්ටන් පැවසුවේ ට්‍රම්ප් ගේ වචන සහ ක්‍රියාව අනුව ඔහු පිලිබඳ තීරණ ගතයුතු බවයි.
























