තායිලන්තයේ ධම්මකාය පන්සල පොලිස් පරීක්‍ෂාවට ලක්වෙයි

Buddhist monks and followers gather inside the Wat Phra Dhammakaya temple complex in anticipation of a planned police raid, in Pathum Thani province, north of Bangkok, Thailand, June 16, 2016.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, වේගයෙන් වෙනස් වන සමාජය තුල ධම්මකාය විහාරස්ථානය ජනප්‍රියත්වයට පත්වූ අතර දානපතියන්ගෙන් ලැබෙන ආධාර හේතුවෙන් ඉතා ධනවත් බවට පත්විය
Published

දුෂණ චෝදනා ලබා සිටින විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමක් අත්අඩංගුවට ගනු පිණිස තායිලන්ත පොලීසිය එරට සුප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථානයකට ඇතුල්වීමට උත්සාහ ගනිමින් සිටියි.

ප්‍රා ධම්මජයෝ නම් භික්ෂූන් වහන්සේ චෝදනා ලබා සිටින්නේ මුදල් විශුද්ධිකරණය සහ ධම්මකාය විහාරස්ථානයට ලැබෙන මුදල් වංචා කිරීම සම්බන්ධවයි.

වයස 72ක් වන මෙම භික්ෂූන් වහන්සේ බලධාරීන් හමුවන ලෙස ලබාදුන් නියෝගවලින් බේරීම පිණිස මාස හතරක් තිස්සේ දුර්වල සෞඛ්‍ය තත්වය හේතුවෙන් බව පවසමින් උතුරු බැංකොක් හි ඇති විහාරස්ථානයට වී සිටින බවයි වාර්තා වන්නේ.

උන්වහන්සේ සහ අනුගාමිකයන් විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේපකරනු ලැබ ඇත්තේ ඒවා දේශපාලන අවශ්‍යතා මත සිදුකරන ඒවා බව පවසමින්.

Monks in buggies block the road to the Dhammakaya Temple in Pathum Thani (16 June 2016)

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, විහාරස්ථානය වෙත යන මාර්ගය ද භික්ෂූන්වහන්සේලා විසින් අවහිර කර තිබේ.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව රැගෙන පැමිණි විට මුලදී විහාරස්ථානයට ඇතුල්වීම පිණිස සංඝයා වහන්සේලා අවසර දුන් බව පොලීසිය පැවසූ නමුත් ප්‍රාදේශීය මාධ්‍ය පවසන්නේ පොලීසියට පන්සලට ඇතුළුවීමට නොහැකි වී ඇති බවයි.

දහස් ගණනක් දායකයන් පන්සලට පිටතින් කඳවුරු ලා සිටින හෙයින් පොලීසියට එම භූමිය තුළට යාමට අපහසු වී ඇත.

Buddhist devotees sit outside the Wat Phra Dhammakaya temple in Pathum Thani province, north of Bangkok, Thailand, Thursday, June 16, 2016.

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, පන්සලේ දායකයන් පන්සල් භූමිය පුරා වාඩිවී ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට බාධා කරමින් සිටිති

1970 දී ආරම්භ කරන ලද මෙම විහාරස්ථානය අනෙකුත් තායි විහාරස්ඨාන වල සම්ප්‍රදායෙන් මිදී ප්‍රදේශයේ ජනප්‍රජාව සමග සමීප සම්බන්දතාවයක් පවත්වාගෙන යයි.

ආගමික කණ්ඩායමකට වඩා නව ආගමික අන්තවාදී කණ්ඩායමක් ලෙස සංවිධානය වී ඇති මෙම කණ්ඩායම විසින් අසාමාන්‍ය භාවනා සම්ප්‍රදායක් හඳුන්වා දී ඇති අතර දායකයන්ගේ අධික පක්ෂපාතීභාවය අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස සලකනු ලබයි.

මෙම ධම්මකාය විහාරස්ථානය තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්ට සහ රතු කමිස ව්‍යාපාරයට හිතවාදී එකක් බවයි පැවසෙන්නේ.