සූර්ය තාප යානය ලෝක සවාරිය සපුරයි
Published
කිසිදු වර්ගයක ඉන්ධන භාවිතා නොකොට සූර්ය බලයෙන් ක්‍රියා කිරීමට නිර්මාණය කරන ලද ගුවන් යානය සාර්ථකව ලොව වටා සංචාරය කිරීමෙන් පසු ස්පාඤ්ඤයේ ගොඩබැස්වීමට සමත් වී තිබේ.
පසුගිය සඳුදා නිව්යෝර්ක් නුවරින් ගමන් ඇරඹු 'සෝලර් ඉම්පල්ස් 2' යනුවෙන් නම් තැබූ මෙම සූර්ය තාපයෙන් ක්‍රියාත්මක ගුවන් යානය මෙහෙයවනු ලැබුවේ බෙර්ට්රාන්ඩ් පිස්කාඩ් නම් නියමුවා විසිනි.
කිලෝමීටර් තිස්පන්දහසක දුරක් සම්පුර්ණ කරමින් ලොව වටා පියාසර කිරීමෙන් පසු ප්‍රංශයට ගොඩ බැස්වීමට නියමිතව තිබූ 'සෝලර් ඉම්පල්ස් 2' යානය ස්පාඤ්ඤය වෙත පියාසර කිරීමට තීරණය කෙරුනේ අද දිනයේ කාලගුණ වාර්තාවට අනුව ප්‍රංශයේ දැඩි සුළං සහ කුණාටු ඇති වීමට ඉඩ ඇති බවට අනාවැකි පළ වී තිබීම හේතුවෙනි.

ඡායාරූප මූලාශ්‍රය, SOLAR IMPULSE

























