‘සොම්’ සටනට සියවසයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ‘සොම්’ හි සටන සිදුවී සියවසක් සැපිරෙයි.
Published

පළමු ලෝක යුද්ධයේ වඩාත්ම දරුණුතම ගැටුම ලෙස සැලකෙන 'සොම්' හි පැවති සටන සිදුවී වසර සියයක් සැපිරෙයි.

1916 ජූලි මස 1 වැනිදා ආරම්භ වූ ගැටුම සිහිකිරීම පිණිස බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ සැමරුම් උත්සව පැවැත්වුණු අතර ලන්ඩනයේ වෙස්මින්ස්ටර් ඇබි හි පැවති සැමරුමට එලිසබෙත් රැජින ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන් ද සහභාගී වී සිටියහ.

ජර්මන් හමුදාවන්ට එරෙහිව බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක්ව මාස පහක් තිස්සේ සිදුකළ මෙම ගැටුමේ දී දස ලක්ෂයකට වැඩි පිරිසක් මියගිය බවයි වාර්තා වන්නේ.

උතුරු ප්‍රංශයේ තීප්වල් ස්මාරකය අබියස දී බොහෝ යුරෝපා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල හමුදා සෙබළුන් රාත්‍රිය පුරා නිහඬ සැමරුම් වලට එක්විය.

ජර්මානු හමුදාවට එරෙහිව ප්‍රහාර ආරම්භ කළ මොහොතේ දී බ්‍රිතාන්‍යය පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.

එම සටන ආරම්භ වූ පළමු දිනයේ පමණක් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසි දහසක් මරුමුවට පත්විය.