බැග්ඩෑඩ් ප්‍රහාර: මරණ සංඛ්‍යාව 165 දක්වා ඉහළට

වීඩියෝ ශීර්ෂ වැකිය, බැග්ඩෑඩ් බෝම්බ ප්‍රහාර: මරණ සංඛ්‍යාව එකසිය හැට පහ දක්වා ඉහළට
Published

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදු වූ බෝම්බ ප්‍රහාරවලට හසු වී මරුමුවට පත් සංඛ්‍යාව එක සිය හැට පහ දක්වා ඉහළ ගොස් ඇති බව බලධාරීහු පවසති.

ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර දෙකට හසු වී දෙසිය විසි පහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි බලධාරීන් පවසන්නේ.

බැග්ඩෑඩ් අගනුවර වෙත වැටී ඇති පිවිසුම් මාර්ගවල ආරක්ෂාව තර කරන බවට ප්‍රහාරවලින් අනතුරුව ඉරාක ආණ්ඩුව ප්‍රතිඥා දී තිබේ.

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට හසු වී මරුමුවට පත් පුද්ගලයන් වෙනුවෙන් ඉරාකයේ තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

2007 වසරෙන් පසු ඉරාකයට එල්ල වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙය බවයි විශ්වාස කෙරෙන්නේ.