දකුණු සුඩානයේ යළිත් දරුණු ගැටුම්

ඡායාරූප මූලාශ්‍රය, AFP
රජයේ හමුදා විසින් ජුබා අග නගරයේ තම සන්නද්ධ කණ්ඩායම් රැඳී සිටින ස්ථාන වෙත ප්‍රහාර එල්ලකළ බව දකුණු සුඩානයේ උප ජනාධිපතිවරයාට හිතවාදී හමුදා කණ්ඩායම් පවසති.
මෝටාර් ප්‍රහාර, අත්බෝම්බ ප්‍රහාර සහ මැෂින් තුවක්කු හඬ ජෙබෙල් ප්‍රදේශයෙන් ඇසුණු බවයි එහි සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතනවලින් ලැබෙන තොරතුරු වලින් පැවසෙන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙය ජනපති සල්වා කිර් (Salva Kiir)ට හිතවාදී කණ්ඩායම් සහ ඔහුගේ හිටපු ප්‍රතිවාදියෙකු වන උප ජනාධිපති රෙයික් මචර්ගේ (Riek Machar ) ගේ ආධාරකරුවන් අතර පවතින ගැටුම් ඉහළයාමක් ලෙසටයි සැලකෙන්නේ.
වසර දෙකක් දකුණු සුඩානයේ පැවති ගැටුම් නිමාවකට පත් කරමින් ජනපති සල්වා සහ උප ජනාධිපති රෙයික් අතර සාම ගිවිසුමක් අත්සන් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේ දීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එහෙත් දෙපාර්ශවය අතර යළි හටගත් ගැටුම් වලින් පසුගිය දින දෙක තුළ සියයකට වැඩි පිරිසක් මරණයට පත්විය.
මරුමුවට පත් බහුතරයක් දෙනා හමුදා භටයන් බවයි මීට පෙර ලැබුණු වාර්තාවල සඳහන් වී තිබුණේ.























