තිබ්බතයේ බෞද්ධ විද්‍යායතනය 'චීනය විනාශ කරනවා'

Log cabins at Larung Gar

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලරුන් ගාර් ශිෂ්‍ය භික්ෂු භික්ෂුණීන් වාසය කරන ලීයෙන් නිමැවුන කුඩා කුටි
Published

තිබ්බතයේ විශාලතම බෞද්ධ අධ්‍යාපන ආයතනවලින් එකක් වන 'ලාරුන් ගාර්' විද්‍යායතනයේ ගොඩනැගිලි විනාශ කිරීම අරඹා ඇතැයි ක්‍රියාධරයෝ චීනයට චෝදනා කරති.

ගොඩනැගිලි විනාශ කිරීම බදාදා ආරම්භ වූ බව පවසන ලන්ඩනය මූලස්ථාන කරගත් 'නිදහස් තිබ්බතය' (Free Tibet) කණ්ඩායම, එහි වාසය කළ පිරිසක් මේ වනවිටත් ඉවත් කර ඇති බවත් සඳහන් කරයි.

ලාරුන් ගාර්හි වාසය කරන 10,000 ක පිරිස 5000 ක් දක්වා අඩු කරන මෙන් පසුගිය මාසයේ ප්‍රාදේශීය බලධාරීන් නියෝග කිරීමෙන් අනතුරුවයි ගොඩනැගිලි විනාශ කිරීම සිදුවන්නේ.

එම ගොඩනැගිලිවලට ඔරොත්තු නොදෙන තරම් පිරිසක් වාසය කරන බව චීන බලධාරීන්ගේ තර්කය වී තිබෙන බවයි පැවසෙන්නේ.

Destroyed log cabins

ඡායාරූප මූලාශ්‍රය, Free Tibet

ඡායාරූප ශීර්ෂ වැකිය, විනාශ කරන ලද කුටිවල බව පැවසෙන ඡායාරූප

ලොව විශාලතම තිබ්බත බෞද්ධ ආයතනය ලෙස සැලකෙන ලාරුන් ගාර් ඇකඩමිය පිහිටුවා තිබෙන්නේ 1980 දී.

නැගෙනහිර තිබ්බතයේ සෙර්තාර් කඳුකර ප්‍රදේශය පුරා පැතිර පවතින ලාරුන් ගාර්හි දහස් ගණන් බෞද්ධ භික්ෂු භික්ෂුණීහු අධ්‍යාපනය හදාරති.

ඔවුන් ලීයෙන් නිමැවුන කුඩා කුටිවල ලැගුම් ගෙන සිය අධ්‍යාපනය හදාරන බව පවසන වාර්තාකරුවන්, මෑත වසර කිහිපය තුල ආයතනය ශීඝ්‍රයෙන් වැඩි දියුණු වූ බවත් පෙන්වා දෙති.

භික්ෂු භික්ෂුණීන් ලැගුම් ගන්නා කුටි බිමට සමතලා කර තිබෙන ආකාරය බව පැවසෙන ඡායාරූප Free Tibet ව්‍යාපාරය විසින් සිය ට්විටර් ජාලය ඔස්සේ ප්‍රකාශයට පත්කර තිබේ.

Digger at Larung Gar

ඡායාරූප මූලාශ්‍රය, Free Tibet

ඡායාරූප ශීර්ෂ වැකිය, Free Tibet ව්‍යාපාරය විසින් ට්විටර් ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ඡායාරූප

සිවිල් ඇඳුමින් සැරසුණු චීන පොලිස් සහ හමුදා නිලධාරීන්ද ගොඩනැගිලි විනාශ කිරීම සඳහා පැමිණි කණ්ඩායම සමඟ සිටි බවත් උද්ඝෝෂණ සංවිධානය පවසයි.

මේ චෝදනාව පිළිබඳව චීන බලධාරීන් තවමත් කිසිවක් ප්‍රකාශ කොට නැත.

සෙර්තාර් පළාතේ ප්‍රාදේශීය බලධාරියෙක් මේ අතර ඒපී පුවත් ආයතනයට පවසා තිබුණේ සිය උත්සාහය ආයතනය නවීකරණය කිරීම විනා එහි ගොඩනැගිලි ඉවත්කිරීම නොවන බවයි.