ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැලේසියාවේත් IS ප්‍රහාර සැලසුම්
පොලිස් නිලධාරීන් ඉලක්ක කොට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැක පිට පුද්ගලයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගත් බව මැලේසියානු බලධාරීහු පවසති.
රට පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ ඉහත කී පිරිස අතර කාන්තාවක්ද සිටින බවයි පොලිසිය කියා සිටියේ.
සෝදිසි මෙහෙයුම් අතරතුර කිලෝග්‍රෑම් එකක් පමණ බර, මැනවින් නිර්මාණය කරන ලද බෝම්බයක් හමු වූ බවත් පොලිසිය සඳහන් කළේය.
මැලේසියානු අයිඑස් සාමාජිකයකු ලෙස හඳුනා ගෙන ඇති මුහම්මද් වන්ඩි නමැති පුද්ගලයා විසින් එක් සැකකරුවකු වෙත බෝම්බ සැකසීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි විශ්වාස කෙරේ.