ඉන්දියාවේ සහ නේපාලයේ ගංවතුරින් සියයකට වැඩි පිරිසක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
Published
නැගෙනහිර ඉන්දියාවේ සහ නේපාලයේ පවතින ගංවතුර තත්වය හේතුවෙන් සියයකට වැඩි පිරිසක් මියගොස් ඇති අතර තවත් මිළියන ගණනක් පිරිස් පීඩාවට පත්වී සිටිති.
මෝසම් වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගලා යන අතර ගම්මාන සහ ගොවි බිම් යටවීමෙන් සිය දහස් ගණනක් පිරිසකට නිවාස අතහැර යාමට සිදුවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාවේ ඇසාම් සහ බිහාර් යන ප්‍රාන්ත වල සහන සේවා කණ්ඩායම් බෝට්ටු යොදා ගනිමින් විපතට පත් පිරිස් මුදාගනිමින් සිටින අතර අධිවේගී මාර්ගවල සහ උස් බිම් වල තැනූ තාවකාලික රැඳවුම් කඳවුරු වල දිවි බේරාගත් ජනතාව රඳවා සිටින බවයි වාර්තා වන්නේ.























