ගෙවත්තකින් හමු වූ සුදු ලේනා

වීඩියෝ ශීර්ෂ වැකිය, දුර්ලභ සුදු ලේනෙක් ගෙවත්තක
Published

සුදු ලේනුන් බිහි වීමේ සම්භාවිතාව ලක්ෂයකට එකක් බව විශ්වාස කෙරේ.

එංගලන්තයේ සසෙක්ස් පළාතේ වෙසෙන සුසී චැඩ්වික් සිය ගෙවත්තේ සැරිසරමින් සිටි එවැනි දුර්ලභ ගණයේ ඇලි ලේනකුගේ දර්ශන පටිගත කොට තිබේ.

ඇලි ලේනුන් ප්‍රමාණයෙන් මෙන්ම හැසිරීමෙන්ද අළු ලේනුන්ට සමාන වේ.

පිරිමි සතකු බවට විශ්වාස කරන සිය අලුත් අමුත්තාට හැරී හෝ හෙන්රි ලෙස නම් තැබීමට බලාපොරොත්තු වන බවයි සුසී චැඩ්වික් බීබීසීයට කියා සිටියේ.

පසුගිය සතිය පුරා ඇලි ලේනා දිනපතා සිය ගෙවත්තට පැමිණි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.