ඔලිම්පික් පන්දම නිවා දැමීමේ උත්සාහයක්

Olympic torch relay
ඡායාරූප ශීර්ෂ වැකිය, ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා වියදම් කරන අධික ධනස්කන්ධය පිළිබඳවයි මෙසේ විරෝධය පළකෙරෙන්නේ
Published

බ්‍රසීලයේ රියෝ ද ජනේරෝ නගරයේ පැවති ඔලිම්පික් පන්දම රැගෙන යන රැළියක් අතරතුර විරෝධතාකරුවෝ පොලීසිය සමග ගැටුම් ඇතිකරගත්හ.

ඔලිම්පික් පන්දම නිවා දැමීමට උත්සාහ කළ සිය ගණනක් විරෝධතාකරුවන් නැවැත්වීම සඳහා පොලීසිය කඳුළු වායුව යොදාගත්තේය.

Olympic torch relay

ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා වියදම් කරන අධික ධනස්කන්ධය පිළිබඳවයි මෙසේ විරෝධය පළකෙරෙන්නේ.

සිකුරාදා මරකානා ක්‍රීඩාංගනයේ දී 2016 ඔලිම්පික් උළෙලේ ආරම්භක උත්සවය පැවැත්වීමට පෙර තවත් විරෝධතා පැවැත්වෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Olympic torch relay
ඡායාරූප ශීර්ෂ වැකිය, ආරම්භක උත්සවය පැවැත්වීමට පෙර තවත් විරෝධතා පැවැත්වෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ

සංවිධායකයින් පවසන ආකාරයට මිලියනයකට වැඩි ප්‍රවේශපත් සංඛ්‍යාවක් තවමත් විකුණාගත නොහැකිව ඉතිරිව පවතී.

බ්‍රසීලය ගැඹුරු දේශපාලන ව්‍යාකූලත්වයක සහ ආර්ථික පසුබෑමක සිටින වකවානුවකය රියෝ නගරයේ 2016 ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ.