රුසියාවේ සිරියානු ප්‍රහාරවලට ඉරානයෙන් උදව්

A still image, taken from video footage released by the Russian Defence Ministry on 16 August 2016, shows a Russian Tupolev Tu-22M3 long-range bomber based in Iran dropping bombs on an unknown location in Syria

ඡායාරූප මූලාශ්‍රය, AP

Published

සිරියාවේ ක්‍රියාත්මක ජිහාඩ් සටන් කණ්ඩායම්වලට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා රුසියාව ඉරානයේ පිහිටි ගුවන් හමුදා කඳවුරක් යොදා ගනියි.

විදේශීය හමුදා මෙහෙයුම් සඳහා ඉරාන හමුදා කඳවුරක් යොදා ගනු ලැබ ඇත්තේ වසර හතළිහකට ආසන්න කාලයකට පසු ප්‍රථම වතාවටයි.

ඉරානයේ බටහිර දිග පිහිටි 'හමෙදාන්' කඳවුරෙන් ගුවන් ගත වූ ප්‍රහාරක යානා සහ දුර විහිදුම් මිසයිල රැගත් යානා එල්ල කළ ප්‍රහාරවලින් කැරලිකරුවන් මරුමුවට පත් වී ඇති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ.

මේ දක්වා රුසියාව සිය ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ සිරියාව තුළ පිහිටි ගුවන් හමුදා කඳවුරුවල සිටයි.

Video footage released by the Russian Defence Ministry on 14 August 2016 purportedly showing a Russian TU-22M3 dropping bombs on targets in Deir al-Zour, Syria

ඡායාරූප මූලාශ්‍රය, EPA

1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරානය සහ රුසියාව අතර සබඳතා දුරස්ථ මට්ටමක පැවතිණි.

කෙසේ වෙතත් මේ වන විට නොනිල මට්ටමෙන් දෙරටේ සබඳතා වර්ධනය වන බවක් පෙනෙන්නට ඇති බව විශ්ලේෂකයෝ පවසති.