ටෙක්සාස් සරසවි සිසුන්ගේ ගිනි අවි දැරීමේ අයිතිය රැකදෙයි

පිස්තෝල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශ්වවිද්‍යාලය තුළ දී වුවද ආත්ම ආරක්ෂාව පිලිබඳ පුර වැසියන්ට ඇති අයිතිය නීතිය මගින් ආරක්ෂා කොට ඇති බවයි පැවසෙන්නේ
Published

සරසවි සිසුන් විසින් සඟවාගත් ගිනි අවි දේශන ශාලා වෙත රැගෙන එනු ලැබීමට අවසර ලබාදෙන නීතියක් වැළැක්වීමට ඇමරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු තිදෙනෙකු ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇත.

පන්තිකාමර තුල සාකච්ඡා උණුසුම් වූ අවස්ථාවක සිසුන් ගිනි අවි දරා සිටීම භයානක වියහැකි බවට මහාචාර්යවරුන් විසින් මතුකළ කාරණය ඔස්ටින් නගරයේ විනිසුරුවරයෙකු ප්‍රතික්ෂේප කළේය.

ටෙක්සාස් නගරයේ රිපබ්ලිකන් පාක්ෂික නීතිපතිවරයා වන කෙන් පැක්ස්ටන් විනිසුරුවරයාගේ තීරණය අනුමත කරමින් ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාලය තුළ දී වුවද ආත්ම ආරක්ෂාව පිලිබඳ පුර වැසියන්ට ඇති අයිතිය නීතිය මගින් ආරක්ෂා කොට ඇති බවයි.

වසර විස්සක කාලයක් බලපත්‍ර සහිත සඟවාගත් අත්ගිනිඅවියක් රැගෙන යාමට ටෙක්සාස් ප්‍රාන්තයේ අවසර ලබා දී ඇති අතර සති තුනකට පෙර නීතිය වෙනස්කිරීමට පෙර අධ්‍යාපන ආයතනවලට එවැනි කාල සීමාවක් පනවා නොතිබුණි.