පෞරාණික මත් ඖෂධ පානයෙන් දෙවියන් දැකිය හැකිද?

හඬ ශීර්ෂ වැකිය, පෞරාණික මත් ඖෂධ පානයෙන් දෙවියන් ආමන්ත්‍රණය කළ හැකිද?
Published

පෞරාණික මත් ඖෂධ භාවිතා කිරීමෙන් දෙවියන් සොයා යා හැකිද?

පෙයෝට් (peyote) යනු සිය ජීවිතය අනතුරේ හෙළමින් ආධ්‍යාත්මික ශාන්තිය සහ දෙවියන් ආමන්ත්‍රණයට රතු ඉන්දියානු ගෝත්‍ර ජනතාව සිය ආගමික චාරිත්‍රයකදී භාවිතා කරන අති ප්‍රබල මත් ඖෂධයකි.

පෙයෝට් නම් මෙම පෞරාණික ඖෂධය ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල ශුෂ්ක දේශගුණයේ වැඩෙන පතොක් වර්ගයට අයත් පඳුරක මුලේ හට ගන්නා අල වර්ගයක්.

එය A කාණ්ඩයට අයත් මත් ද්‍රව්‍යයක් ලෙසයි හඳුන්වනු ලබන්නේ.

ආධ්‍යාත්මික ශාන්තියක්

ඉතා දැඩි මනක්කල්පිත ලෝකයකට මනුෂ්‍ය මනස පත් කිරීමේ හැකියාව පෙයෝට් ඖෂධයට තිබේ.

පෙයෝට් (peyote)
ඡායාරූප ශීර්ෂ වැකිය, පෙයෝට් (peyote) පතොක් කුලයේ ශාකයකි.

අතීතයේ සිට ඇමරිකාවේ ස්වදේශික රතු ඉන්දියානු ගෝත්‍රිකයෝ පෙයෝට් (peyote) මත් ඖෂධය භාවිතා කිරීමෙන් මිය ගිය ආත්ම සමග සම්බන්ධතා පැවැත්වීමට, ආධ්‍යාත්මික ශාන්තිය ලබා ගැනීමට සහ දෙවියන් ආමන්ත්‍රණය කළ හැකි බව විශ්වාස කරති.

වාර ගණනාවක් රතු ඉන්දීය ගෝත්‍ර උත්සව වලට සහභාගී වී අත්දැකීම් ඇති රිචඩ් ඒ කේ ඒ රිචි පෙයෝට් දුම් පානයෙන් ආධ්‍යාත්මික ශාන්තියක් ලැබෙන බව විශ්වාස කරන්නෙක්.

"පෙයෝට් ඖෂධයේ තියෙන විස්මය තමයි එය පානය කිරීමෙන් පස්සේ ඔබට ඔබේ දුර්වලතා වැරදි පිලි අර ගෙන තමන් හරි හැටි අඳුන ගන්න ශක්තිය ලැබෙනවා, ඊට පස්සේ ඔබට පුළුවන් තමන් පසු පසට අදින ඒ වැරදි සහ දුර්වලතා අත්හැරලා සමාව දීලා ඉදිරියට ගමන් කරන්න." රිචඩ් ඒ කේ ඒ රිචි පෙයෝට් දුම් පානයෙන් දෙවියන්ට කිට්ටු හැගීමක් දැනුනු අයුරු විස්තර කළේය.

මෙස්කලයින් (mescaline) නම් මත් ද්‍රව්‍ය සංඝටකය අඩංගු වන පෙයෝට් හෙරොයින් වලට සමාන ඉතා ප්‍රබල මත් ද්‍රව්‍යයක් වන අතර පෙයෝට් දුම් පානයෙන් ඇති වන්නේ LSD මත් ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වන බලපෑමට සමාන බලපෑමක් බවයි පැවසෙන්නේ.

පෙයෝට් දුම් පානය කරන්නෙකු සයිකෝසියාවෙන් පෙළෙන්නකු නම් ඔහු මිය යාමට පවා හේතු විය හැකි ප්‍රබල බලපෑමක් මෙම මත් ද්‍රව්‍යයෙන් ඇති වෙයි.

'හෙරොයින් වලට සමානයි'

එංගලන්තය ඇතුළු බොහෝ රටවල පෙයෝට් නීති විරෝධී මත් ද්‍රව්‍යයක් ලෙස කාණ්ඩ කර ඇති අතර ඇමරිකාවේ ස්වදේශික රතු ඉන්දියානු ගෝත්‍රයකට අයත් නොවන පුද්ගලයෙකු පෙයෝට් පානය කිරීම හෝ ළඟ තබා ගැනීම ඇමරිකානු නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝ සිර දඬුවමකට පවා පත් කිරීමට හැකි අපරාධ වරදකි.

රතු ඉන්දියානු ගෝත්‍රික සුව කරන්නෙක් වන ජේම්ස් ෆ්ලේමින් ඒගල් මූනි (James Flaming Eagle Mooney)

ඡායාරූප මූලාශ්‍රය, James Flaming Eagle Mooney

ඡායාරූප ශීර්ෂ වැකිය, රතු ඉන්දියානු ගෝත්‍රික සුව කරන්නෙක් වන ජේම්ස් ෆ්ලේමින් ඒගල් මූනි (James Flaming Eagle Mooney)

රතු ඉන්දියානු ගෝත්‍රික සුව කරන්නෙක් වන ජේම්ස් ෆ්ලේමින් ඒගල් මූනි (James Flaming Eagle Mooney) පෙයෝට් පිටස්තරයන්ට තහනම් කිරීම වෙනුවෙන් යුටා ප්‍රාන්ත අධිකරණයේ විභාග කෙරුණු නඩුවක පෙරමුණ ගෙන සටන් කළ ක්‍රියාධරයෙක්.

ඔහුගේ සටනේ ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ යුටා ප්‍රාන්තයේ රතු ඉන්දියානු ගෝත්‍ර විසින් පවත්වනු ලබන ආගමික උත්සව වලට සහභාගී වන පිටස්තරයන්ට උත්සව අවස්ථාවේ දී පෙයෝට් දුම් පානය කිරීමට බලධාරීන්ගෙන් අවසර හිමි වෙයි.

ඇමරිකානු තරුණයෙක් වන මවාන් රිස්වාන් දෙවියන් සොයා යා හැකි බව විශ්වාස කරන මෙම මත් ඖෂධය අත්හදා බැලීම සඳහා ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ සෝල්ට් ලේක් සිටි ප්‍රදේශයේ (Salt Lake City in Utah) කළ සංචාරයක් ඇසුරින් සංදේශයේ පවිත්‍රා පෙරේරා සකස් කළ වාර්තාවට සවන් දෙන්න.