ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගර්භාෂය කුළියට දීම ඉන්දියාවේ තහනම්
වෙනත් ස්ත්‍රියකගේ දරුගැබක් සඳහා ගර්භාෂය කුලියට දීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට ඉන්දියාව සැරසෙයි.
පාර්ලිමේන්තුව මගින් අනුමත වුවහොත්, ඉන්දියානු විදේශ ගමන් බලපත් නැති අයට සහ තනිව වෙසෙන මවකට හෝ පියෙකුට (single parents) මෙන්ම සමලිංගික පුරුෂයන්ට ගර්භාෂය කුලියට දෙන කාන්තාවක් මගින් දරුවෙකු ලබා ගැනීම තහනම් වේ.
එහෙත් දරුවන් හැදීමේ 'සරුභාවය' නැති ස්ත්‍රී පුරුෂ දෙපළකට මෙම තහනම බල නොපාන නමුත් ගර්භාෂය ලබාදෙන තැනැත්තිය ඥාතිවරියක් වීම අනිවාර්‍ය වේ.
ගැබ් ගැනීමේ නිසරුභාවය පිලිබඳ කටයුතු කරන කණ්ඩායම් පවසන්නේ යෝජිත නව නීතිය මගින් නීති විරෝධී ව්‍යාපාර ඇතිවිය හැකි බවයි.
ගර්භාෂය කුලියට දීම සම්බන්ධව සලකද්දී ඉන්දියාව ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන අතර විදේශිකයන් ඇතුළුව ගැබ්ගැනීමේ නිසරුභාවය ඇති ස්ත්‍රී පුරුෂයන් ඉන්දියාවේ ඈත ප්‍රදේශවල කාන්තාවන්ට මුදල් ගෙවා තම දරුවන් උපදවා ගැනීමට හුරුවී සිටිති.
මෙම ව්‍යාපාරය මගින් ඉන්දියාව වසරකට පවුම් මිලියන 65 කට වැඩි අදායමක් ලබන නමුත් නීති විරෝධී ලෙස ජාවාරම් ක්‍රියාත්මක වීම පිළිබඳවද අවධානය යොමුවී තිබුණි.