ප්‍රංශ නගරයක බුර්කිනි තහනම ඉවත් කරයි

'බුර්කිනි' වශයෙන් හඳුන්වනු ලබන්නේ මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන සම්පුර්ණ ශරීරයම වැසෙන සේ සැකසූ නාන ඇඳුම් වර්ගයකි.
ඡායාරූප ශීර්ෂ වැකිය, 'බුර්කිනි' වශයෙන් හඳුන්වනු ලබන්නේ මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන සම්පුර්ණ ශරීරයම වැසෙන සේ සැකසූ නාන ඇඳුම් වර්ගයකි.
Published

ප්‍රංශයේ වෙරළාසන්න නගර කිහිපයක පනවනු ලැබූ 'බුර්කිනි' තහනමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.

මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රංශ වෙරළාසන්න නගරයක් වන විල්නුවෙව්-ලෝබෙත් (Villeneuve-Loubet) හි 'බුර්කිනි' තහනම ඉවත් කෙරුණි.

'බුර්කිනි' වශයෙන් හඳුන්වනු ලබන්නේ මුස්ලිම් කාන්තාවන් විසින් අඳිනු ලබන සම්පුර්ණ ශරීරයම වැසෙන සේ සැකසූ නාන ඇඳුම් වර්ගයකි.

ප්‍රංශ නගරයක බුර්කිනි තහනම ඉවත් කරයි

මුස්ලිම් කාන්තාවන්ට සිය අභිමතය පරිදි ඇඳුම් ඇඳීමට ඇති අයිතිය මෙම තහනමෙන් උල්ලංඝනය වන බව පැවසූ ප්‍රංශයේ මානව හිමිකම් කණ්ඩායමක් අධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මේ වන විට තහනම එක් නගරයකින් පමණක් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළත් ඉදිරියේ දී 'බුර්කිනි' තහනම් කළ සියලුම ප්‍රංශ නගර වලින් මෙම නව නීතිය ඉවත් කෙරෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

'බුර්කිනි' වලින් සැරසීමේ වරදට දඩ මුදල් ගෙවූ කාන්තාවන්ට නුදුරු අනාගතයේ දී ඒ වෙනුවෙන් වන්දි ඉලා සිටිය හැකි වනු ඇති බව

මෙම තීන්දුවට පදනම් වූ නීතිමය රාමුව සම්බන්ධයෙන් පසු දිනක තීන්දුවක් ලබා දෙන බවයි නියෝගය නිකුත් කළ අධිකරණය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

අධිකරණ විභාගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මාධ්‍යය අමතමින් කියා සිටියේ තහනම පනවනු ලැබ තිබූ කෙටි කාලය තුළ 'බුර්කිනි' වලින් සැරසීමේ වරදට දඩ මුදල් ගෙවූ කාන්තාවන්ට නුදුරු අනාගතයේ දී එම මුදල් ආපසු ලබා ගත හැකි වනු ඇති බවයි.