අලෙප්පෝ නගරයට ක්ලෝරීන් ගෑස් ප්‍රහාරයක් ?

අලෙප්පෝ

ඡායාරූප මූලාශ්‍රය, AFP

Published

කැරලිකරුවන් ගේ පාලනයේ පවතින සිරියාවේ අලෙප්පෝ නගරයට එල්ලකළ ක්ලෝරීන් ගෑස් බවට සැකකෙරෙන ප්‍රහාරයක් හේතුවෙන් සියයකට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් රෝහල් ගත කර ඇත.

ක්‍රියාධරයෙකු පැවසුවේ රජයට අයත් හෙලිකොප්ටර යානයකින් හෙළන ලද බෝම්බ හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගිය බවයි.

රෝහල් ගතකරන ලද පිරිසෙන් වැඩිදෙනෙකු ළමුන් වන අතර ඔවුන් හුස්ම ගැනීමේ අපහසුතා සඳහා ප්‍රතිකාර ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.

ජනාධිපති අසාද් ගේ රජය රසායනික අවි භාවිතා කිරීමේ චෝදනාව වරින්වර ප්‍රතික්ෂේප කර තිබේ.