ඉරාක ළමයෙකුගේ මරණය ගැන බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට චෝදනා

ඉරාක ජාතික ළමයෙකු බලහත්කාරයෙන් ඇළකට දමා දියේ ගිලී මිය යාමට සැලැස්වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් හතර දෙනෙකු විනිසුරුවරයෙකුගේ හෙළාදකීමට ලක්වෙයි.
2003 වසරේ බස්රා හි දී එසේ පහළොස් හැවිරිදි ඉරාක පිරිමි ලමයෙකු දියේ ගිලී මිය යාම පිළිබඳව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය සමාව ඉල්ලා ඇත.
අහමඩ් අලි නම් ඒ ළමයා කඩවල් මංකොල්ල කෑමේ වරදට බ්‍රිතාන්‍ය හමුදා විසින් අත්අඩංගුවට ගත් ඉරාක ජාතිකයන් හතරදෙනෙකුගෙන් එක් අයෙකි.
එම ඉරාක ජාතිකයන් හතරදෙනාට දඬුවමක් ලෙස බලහත්කාරයෙන් ඇළකට දැමීමට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් කටයුතුකර ඇති අතර පිහිනීමට නොදත් අහමඩ් අලි දියේ ගිලී මරණයට පත්විය.
එම සිදුවීමට සම්බන්ධ සොල්දාදුවන් 2006 පැවති නඩු විභාගයෙන් මනුෂ්‍ය ඝාතනයට වැරදිකරුවන් නොවන බවට තීන්දු වී නිදහස ලැබූවද නව වාර්තාවක් මගින් ඔවුන්ගේ ක්‍රියාව යළි සැලකිල්ලට ගෙන තිබේ.
වසර 2003 සිට 2011 දක්වා ඇමරිකානු නායකත්වයෙන් ඉරාකයේ පැවති පාලන කාලය තුළ සිදුවූ සාමාන්‍ය වැසියන්ගේ මරණ පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණයක කොටසක් ලෙසයි මෙම පිරිමි ළමයාගේ මරණය පිළිබඳව යළි සලකා බැලෙන්නේ.























