ඇමරිකානු පොලීසිය තවත් කළු ජාතිකයෙකු මරා දමයි

Published
ඇමරිකාවේ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නගරයක් වන චාර්ලට් හි පොලීසිය විසින් කළු ජාතිකයෙකුට වෙඩි තබා මරා දමනු ලැබීමෙන් පසු කලහකාරී උද්ඝෝෂණ ආරම්භවී තිබේ.
පසුගිය සිකුරාදා ඔක්ලහෝමා හි ටුල්සා පොලීසිය නිරායුධ කළු ජාතිකයෙකු වෙඩි තබා මරා දැමූ බව පිළිගැනීමෙන් දිනකට පසුවයි මෙම නවතම සිදුවීම වාර්තා වන්නේ
චාර්ලට් හි වෙඩි තැබීම සම්බන්ධව පොලීසිය පවසන්නේ මරා දැමුණු කළු ජාතිකයා ආයුධයක් අතැතිව පොලීසියට තර්ජනය කළ බවයි.
එහෙත් ඔහු රැගෙන සිටියේ ගිනි අවියක් නොව පොතක් බවයි මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ.
සියගණනක් ජනතාව තට්ටු නිවාස සංඛීර්නයක් අසළ මහාමාර්ගයට රැස්වී 'අප මරා දැමීම නවතනු !'යනුවෙන් හඬ නැගූ බවයි වාර්තා වන්නේ.
ගල් කැට ප්‍රහාරයකින් තුවාල වූ පොලිස් නිලධාරියා ඇතුළුව පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකුට තුවාල සිදුවූ බවයි පොලීසිය පවසන්නේ.























