උතුරු කැරොලිනා හි හදිසි තත්වයක්

North Carolina

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සාමකාමී ලෙස ඇරඹි උද්ඝෝෂණය කලහකාරී ගැටුමකට පෙරලුනු බවයි පැවසෙන්නේ
Published

ඇමරිකාවේ චාර්ලට් නගරයේ දී පොලිසිය විසින් තවත් කළු ජාතිකයෙකු වෙඩි තබා මරා දැමීමෙන් පසු ඇතිවූ උද්ඝෝෂණ සහ කලහකාරී ගැටුම් උත්සන්න වීම හේතුවෙන් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇත.

කෝපයටපත් විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් හට ගැනුණු අතර අලුයම් යාමය වන විට පිරිස් විසිරයාම ආරම්භ වූ බවයි නවතම වාර්තාවලින් පැවසෙන්නේ.

North Carolina

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කැරලිමර්ධනය සඳහා ජාතික ආරක්ෂක බලකායන් නගරයට කැඳවා ඇත.

බලධාරීන් පවසන්නේ කලහකාරී ගැටුම් අතරතුර සාමාන්‍ය වැසියෙක් දරුණු තුවාල ලබා ඇති අතර එම සිදුවීමට පොලීසිය සම්බන්ධ නැති බවයි.

North Carolina

ඡායාරූප මූලාශ්‍රය, Reuters

පොලීසිය විසින් කීත් ලෙමන්ට් ස්කොට් නම් කළුජාතිකයා මරා දැමීමෙන් පසුවයි උද්ඝෝෂණ සහ ගැටුම් ආරම්භවූයේ.

ඔහු ගිනි අවියක් අතැතිව සිටි බව පොලීසිය පවසන අතර ස්කොට් ගේ පවුලේ අය පවසන්නේ ඔහු නිරායුධව සිටි බවයි.