අළුයමත් රැගෙන වෙරළට පැමිණි අමුත්තා

වීඩියෝ ශීර්ෂ වැකිය, අළුයමත් රැගෙන වෙරළට පැමිණි අමුත්තා
Published

මේ සුරංගනා කතාවක දර්ශනයක් නොවෙයි.

දකුණු එංගලන්තයේ පූල් වරාය (Poole Harbour) වෙරළ තීරයේ හිරු උදාවත් රැගෙන පැමිණි අමුත්තෙක්.

වෙරළ පුරා කෙළි දෙලෙන් දුවමින් සිටි මේ තිත් මුවා කැමරාවට හසු කර ගත්තේ සිය සුරතල් බල්ලා සමග ඇවිදිමින් සිටි ඡායාරූප ශිල්පී ඩේව් මෝට් විසින්.

පූල් වරායට නුදුරින් පිහිටි 'බ්‍රවුන් සී' (Brownsea Island) දුපතේ සිට තිත් මුවා වෙරළ වෙත පිහිනා විත් ඇති බවටයි විශ්වාස කරන්නේ.