ජනාධිපති පූතින්ගෙන් සාර් යුගයෙන් පාඩම්

ඉතිහාසයෙන් පාඩම් මතක් කරමින්

ඡායාරූප මූලාශ්‍රය, ALEXEI NIKOLSKY

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතිහාසයෙන් පාඩම් මතක් කරමින්
Published

රටේ රැකවරණය සහතික කරමින් ආරක්ෂක ශක්තිය තර කිරීමට සහ ජාත්‍යන්තර මට්ටමින් ද එය තහවුරු කිරීමට පියවර ගන්නා බව රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින් කියා සිටියි.

රුසියාවේ නායකයා එම ප්‍රකාශය කළේ පසුගිය මහ මැතිවරණයෙන් ජය ගත් 'දූමා' (රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය) නියෝජිතයන් අමතා කෙටි දේශනයක් පවත්වමින්.

සිය කතාවේ දී ජනාධිපති ව්ලදිමීර් පූතින් විප්ලවයට පෙර පැරණි රුසියාවේ සාර් අධිරාජ පාලනයේ අගමැතිවරයකු වූ පියදෝර් ස්තොලිපින් විසින් කර ඇති ප්‍රකාශයක් උධෘත පාඨයක් හැටියට භාවිතා කළේය.

'රුසියාවේ ඓතිහාසික සහ උත්තරීතර අයිතිය ශක්තිමත් තලයකට ගෙන ඒම' පිළිබඳවයි පියදෝර් ස්තොලිපින් කියා තිබුණේ.

එම උධෘතය පාවිච්චි කරමින් ජනාධිපති ව්ලදිමීර් පූතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ එම අරමුණ වෙනුවෙන් ගනු ලබන ප්‍රයත්නය සඳහා අවධානය යොමු කරන ලෙසයි.

'දූමා' මන්ත්‍රී මණ්ඩලයේ නව සැසි වාරයේ සමාරම්භක කතාව කරද්දී ජනාධිපති පූතින් ක්‍රිමියාවෙන් පැමිණි නියෝජිතයන් පිළිබඳව විශේෂ සඳහනක් ද කළේය.

යුක්‍රේනය සතුව තිබුණ ක්‍රිමියාව රුසියාව විසින් තම භූමියට ඈඳා ගන්නා ලද්දේ මෙයින් වසර දෙකකට පෙරයි.