ඉහළ නගින හයිටි මරණ සංඛ්‍යාව නමසීය ආසන්නයේ

Haiti

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, දුෂ්කර ප්‍රදේශවල මියගිය සංඛ්‍යාව පිලිබඳ තවමත් නිවැරදි ගණනය කිරීමක් සිදුකොට නැත
Published

අඟහරුවාදා හයිටි රාජ්‍යය හරහා හමාගිය බිහිසුණු කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ දැනට සනාථ වී ඇති සංඛ්‍යාව 900 කට ආසන්න වී ඇත.

තවත් බොහෝ ප්‍රදේශ වලට යාමට අපහසු වී ඇති හෙයින් විපතට පත්වූවන්ගේ ගණන සැබෑ ලෙසම ගණනය කළ නොහැකි තත්වයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

කුණාටුවෙන් වඩාත් හානියකට ලක්වූ ප්‍රදේශ වලට සහන සේවා ලබා දීම මන්දගාමීව සිදුවන්නේ එම ප්‍රදේශ වලට යාමේ ඇති අපහසුතා හේතුවෙන්.

ඇමරිකාව හෙලිකොප්ටර යානා, බුල්ඩෝසර, ජල සැපයුම් රථ සහ වෛද්‍ය පහසුකම් ආදිය හමුදා කණ්ඩායම් සමග එහි යවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ක්‍රමයෙන් දුර්වල තත්වයට පත්වෙමින් ෆ්ලොරීඩාව පසුකොට ගිය 'මැතිව්' කුණාටුව අධික සුළං සහිතව ජෝර්ජියා සහ කැරොලිනා ප්‍රාන්ත වෙතට ඇදීයමින් පවතින බවයි වාර්තා වන්නේ.