'මා වළකනු බැරිය- මුහුදු නිවහන තුළ'

වීඩියෝ ශීර්ෂ වැකිය, යකඩ කූඩුවක මෝරකු සමග කොටුව
Published

බාජා කැලිෆෝනියා අර්ධද්වීපයේ මුහුදු තීරය මෝරුන්ගේ හැසිරීම නැරඹීමට නම් දැරූ කලාපයකි.

මෝරුන් ගේ හැසිරීම නැරඹීමට කිමිදුම්කරුවන් මුහුදු පත්ලට පිවිසෙන්නේ ආරක්‍ෂිත යකඩ කුඩු තුළ රැඳෙමිනි.

මෙම වීඩියෝ පටයේ දැක්වෙන කිමිදුම්කරුගේ යකඩ කූඩුව බිඳ දැමීමට දැවැන්ත මෝරෙක් සමත් විය.

යකඩ කූඩුව තුළ කිමිදුම්කරු සමග කොටු වන දැවැන්ත මෝරා ඉන් පලා යාමට වෙර දරන දසුන් මෙම වීඩියෝ පටයේ සටහන්ව ඇත.

මෝරා යකඩ කූඩුව බිඳ ඊට ඇතුළුව ඉන් පලා යන අයුරු මෙන්ම කිමිදුම් කරු දිවි ගලවා ගත් අපූරුව නරඹන්න.