පාකිස්තානයේ බස් අනතුරකින් විසිපහක් මරුට

පාකිස්තානයේ බස් අනතුරකින් විසිපහක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

පාකිස්තානයේ පන්ජාබ් පළාතේ ධාවනය වෙමින් තිබූ බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයන් විසි පස් දෙනකුවත් මරුමුවට පත් වී තිබේ.

අනතුරේදී තවත් පුද්ගලයන් පනහකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති.

පොලිස් නිලධාරියෙකු පැවසුවේ අධික වේගය අනතුරට බලපෑ හේතුව විය හැකි බවය.

ඔහු වැඩිදුරටත් පැවසූ ආකාරයට, දිවි බේරා ගත් පුද්ගලයන් එක්ව බස් රථ තුළ සිර වී තිබුණු සිරුරු ඉවතට ගනු ලැබුවේ එම බස්රථවල බඳ කොටස් කපාදමමිනි.

මරුමුවට පත් පිරිස අතර දරුවන් කීප දෙනකු, උසස් අධ්‍යාපනය හදාරන සිසුන් සහ කාන්තාවන් ද සිටින බව පැවසේ.