චීන අජටාකාශගාමීන් දෙදෙනකු අභ්‍යවකාශයට

වීඩියෝ ශීර්ෂ වැකිය, චීන අජටාකාශගාමීන් දෙදෙනකු අභ්‍යවකාශයට
Published

චීනය විසින් අජටාකාශගාමීන් යොදා ගනිමින් ක්‍රියාත්මක කරනු ලබන දීර්ඝම අභ්‍යාවකාශ තරණ ව්‍යාපෘතිය දියත් කොට තිබේ.

පසුගිය මාසයේ චීනය විසින් කක්ෂගත කරනු ලැබූ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත චීන ජාතික අජටාකාශගාමීන් දෙදෙනකු යැවීම මෙම මෙහෙයුමේ සැලසුම වේ.

'ජින් හයිපෙන්ග්' සහ 'චෙන් ඩොන්ග්' දින තිහක කාලයක් පුරා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැඳෙමින් විද්‍යාත්මක පර්යේෂණවල යෙදෙනු ඇත.

මෙම අභ්‍යාවකාශ ව්‍යාපෘතිය රටේ ඉදිරි සංවර්ධන කටයුතුවලට විශාල දායකත්වයක් සපයනු ඇති බව චීන ජනාධිපති සි ජින් පින්ග් පවසයි.

මින් වසර තුනකට පෙර චීනය විසින් සඳ වෙත පිටත් කරනු ලැබූ රෝබෝවකු සිය මෙහෙයුම සාර්ථකව නිමා කිරීමට සමත් විය.