ගුවන් යානා ගින්නක් මගීන්ට හානියක් නැහැ
Published
ඇමරිකාවේ චිකාගෝ නගරයේ 'ඕ හෙයාර්' (O'Hare) ගුවන් තොටුපලේදී ඇමරිකානු ගුවන් සේවයට අයත් මගී යානයක ගින්නක් හටගත් ආකාරයයි මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ.
'මයාමි' බලා ගමන් කිරීමට නියමිතව තිබූ බෝයින් 767 යානයේ යාන්ත්‍රික දෝෂයක් හට ගෙන ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විමර්ශන කණ්ඩායම පවසයි.
ගුවන් ගමන ආරම්භ කිරීමත් සමග හට ගත් යාන්ත්‍රික දෝෂය හේතුවෙන් යානයේ නියමුවා ගුවන් ගමන නවතා ඇති අතර එහි සිටි මගීන් යානයෙන් ඉවත් කිරීමට කටයුතු කොට තිබේ.
හදිසි දොරටු ඔස්සේ මගීන් යානයෙන් ඉවත් කෙරුණ අතර යානය තුළින් කළු දුම්වලා අහසට නැගෙනු දැක ගත හැකි විය.
මගීන් විසි දෙනකු සුළු තුවාල ලබා ඇති බව ගිනි නිවන භට කණ්ඩායම් පවසති.
අනතුර සිදු වූ අවස්ථාවේ ගුවන්යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් නවදෙනකු සහ මගීන් එකසිය හැට එක් දෙනකු එහි සිටි බව බලධාරීහු සඳහන් කරති.

