පකිස්තානයේ දුම්රිය අනතුරකින් මගී ජීවිත විනාශයක්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
Published
පකිස්තානයේ සිදුවූ දුම්රිය අනතුරකින් අවම වශයෙන් දාහත් දෙනෙකු මියගොස් තවත් හතළිස් දෙනෙකුට පමණ තුවාල සිදුවී ඇත.
බ්‍රහස්පතින්දා උදෑසන දකුණු පකිස්තානයේ කරච්චි නගරයේ ලාන්ධි දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය දෙකක් එකට ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
එක්දුම්රියකට වැරදි සංඥාවක් ලැබුණු බවට වාර්තාවූ අතර අවම වශයෙන් දුම්රිය මැදිරි දෙකක්වත් පෙරළී තිබේ.
කෙසේවුවද, දුම්රිය බලධාරියෙකු වන නාසිර් නෂීර් පැවසුවේ අනතුරට හේතුව තවම ප්‍රකාශයට පත්කොට නැති බවය.
කරච්චි නගරයෙන් ගමන් අරඹන සියලු දුම්රිය ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර සහන සේවකයන් අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් වල නිරතව සිටිති.
දුම්රිය වලට ඉතා දැඩිලෙස හානි වී ඇති ආකාරය රුපවාහිනී මගින් පෙන්වා ඇති අතර ප්‍රාදේශීය පුවත්පත් වාර්තා කරන්නේ බොහෝ මගීන් අනතුරට පත් දුම්රිය මැදිරිවලට යටවී ඇති බවය.























