ඇෆ්ගනිස්තානයේ අල් කයිඩා නායකයෙක් මරුට

ඇෆ්ගනිස්තානයේ අල් කයිඩා නායකයෙක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නියමුවන් රහිත ප්‍රහාරක යානයක්
Published

ඇෆ්ගනිස්ථානයේ ඊසාන දිග කලාපයේදී නියමුවන් රහිත ගුවන් යානයක් යොදා ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින් අල්-කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මරුමුවට පත් වී ඇති බව ඇමෙරිකානු බලධාරීහු තහවුරු කරති.

මීට සති දෙකකට ඉහතදී මරුමුවට පත් වූ ඊසාන දිග කලාපයේ අල්-කයිඩා නායකයා ලෙස කටයුතු කළ ෆාරුක් අල් කටානි වෙත එල්ල කරන ලද ප්‍රහාරය පෙන්ටගනය විසින් හඳුන්වනු ලැබුවේ නිවැරදි ඉලක්කයක් අනුව සිදු කළ ප්‍රහාරයක් ලෙසය.

සෞදි අරාබියේ උපත ලද ෆාරුක් අල් කටානි නීතියේ රැහැනට හසු කර ගත යුතු ඉහළ පෙළ ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකාව විසින් පියවර ගනු ලැබ තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේදී.

ඇමෙරිකාවට එරෙහිව ප්‍රහාර සැලසුම් කළ අල්-කයිඩා ජ්‍යෙෂ්ඨ නායකයන් අතර අල් කටානි ද සිටි බව පැවසේ.

යුරෝපය ඉලක්ක කොට ප්‍රහාර සැලසුම් කිරීම සම්බන්ධයෙන්ද කටාර් ජාතිකයකු වන ඔහුට චෝදනා එල්ල වේ.