ඉරාක පොලිස් නිල ඇඳුම් ලාගත් පුද්ගලයන්ගෙන් මෝසුල් වැසියන්ට වධහිංසා

ඉරාක පොලිස් නිල ඇඳුම් ලාගත් පුද්ගලයන්ගෙන් මෝසුල් වැසියන්ට වධහිංසා

ඡායාරූප මූලාශ්‍රය, Reuters

Published

ඉරාක පොලිස් නිල ඇඳුම් ලාගත් පුද්ගලයින් විසින් දකුණු මොසුල්හි ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වධහිංසාවට ලක්කර ඝාතනය කරන බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය චෝදනා කරයි.

ශුරා සහ කාහ්යාරා අවට දිස්ත්‍රික්කවල ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට සැකකෙරෙන පුද්ගලයින් හයදෙනෙකු පොලිස් භාරයේදී වෙඩි තබා ඝාතනයකර ඇති බව එම ආයතනය කියා සිටී.

කෙසේ නමුත් මෙම චෝදනා ඉරාක පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මෝසූල් නගරය යළි අත්පත්කර ගැනීම සඳහා ආණ්ඩුවට හිතවත් හමුදා විසින් පසුගිය මාසයේ මෙහෙයුමක් දියත් කරනු ලැබිණ.

එම මෙහෙයුමට ඉරාක හමුදාවට අමතරව කුර්දි සටන්කරුවන්, සුන්නි අරාබි ගෝත්‍රිකයන් සහ ෂියා භටයින් ද එක්වී සිටිති.