පාකිස්තානයේ සුෆි දේවස්ථානයකට බෝම්බ ප්‍රහාරයක්

Map
Published

පාකිස්තානයේ දකුණු දිග කලාපයේ පිහිටි සුෆි මුස්ලිම් දේවස්ථානයක පුපුරා ගිය බෝම්බයකට හසු වී පුද්ගලයන් තිස් දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

තවත් හැත්තෑවකට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර මරුමුවට පත් පිරිස අතර දරුවන් සහ කාන්තාවන් ද සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

කරච්චි නුවර උතුරු කලාපයේ පිහිටි නූරානි දේවස්ථානයට පැමිණි බැතිමතුන් පූජා පවත්වමින් නර්තනයේ යෙදෙන අවස්ථාවේ බෝම්බය පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පාකිස්තානයේ ප්‍රසිද්ධ සුෆි ගායකයකු වූ අම්ජාඩ් සබ්‍රි කරච්චි නුවරදී ඝාතනයට ලක් කොට මාස කීපයකට පසු මෙම ප්‍රහාරය එල්ල විය.