ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයෝ ඇමරිකාව භාර ගනියි

Protests in Sydney over the detention of refugees on the Pacific island of Nauru, 30 April 2016

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔස්ට්‍රේලියාව බලා බෝට්ටු ඔස්සේ පැමිණෙන සංක්‍රමණිකයන් සහ සරණාගතයන් නැවත හරවා යැවීමේ එරට ප්‍රතිපත්තිය මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වේ
Published

ඕස්ට්‍රේලියානු භූමියෙන් පිටත ශාන්තිකර දූපත් තුළ පිහිටි කඳවුරුවල රඳවනු ලැබ සිටින සංක්‍රමණිකයන් යළි පදිංචි කරවීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩුව සහ ඇමරිකා එක්සත් ජනපදය එකඟතාවකට පැමිණ තිබේ.

එම ගිවිසුම යටතේ පැපුවා නිව්ගිනියා සහ නාවුරු දූපත්වල රඳවනු ලැබ සිටින දේශපාලන රැකවරණය පතන සංක්‍රමණිකයන් එක්සත් ජනපදයේ නැවත පදිංචි කරවීමට නියමිත බව ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පැවසීය.

දේශපාලන රැකවරණය වඩාත්ම අවශ්‍ය සංක්‍රමණිකයන්ට ඒ සඳහා අවස්ථාව හිමි වනු ඇති අතර එම පියවර ඕස්ට්‍රේලියානු අගමැතිවරයා විසින් විග්‍රහ කරනු ලැබුවේ එක් වරකට පමණක් සීමා වන එකඟතාවක් වශයෙනුයි.

ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් දක්වන මතය මෙතෙක් පැහැදිලි නොමැත.

දේශපාලන රැකවරණය පතා ඔස්ට්‍රේලියාව වෙත පැමිණි එක්දහස් දෙසීයක පිරිසක් මනුස්, පැපුවා නිව්ගිනියා සහ නාවුරු දූපත්වල රඳවනු ලැබ තිබේ.

ඔස්ට්‍රේලියාව බලා බෝට්ටු ඔස්සේ පැමිණෙන සංක්‍රමණිකයන් සහ සරණාගතයන් නැවත හරවා යැවීමේ එරට ප්‍රතිපත්තිය මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් වේ.