අගමැති රසාක්ට එරෙහිව විරෝධතා පෙළපාලි

ඡායාරූප මූලාශ්‍රය, AP
ඉල්ලා අස්වන ලෙස අගමැති නජීබ් රසාක්ට බලකරමින් දහස් ගණනක් ජනතාව මැලේසියාවේ අගනුවර වන ක්වාලාලම්පූර්හි දී වීදි බැස විරෝධතා පැවැත්වුහ.
විරෝධතා ආරම්භවී ඇත්තේ අගමැතිවරයා සම්බන්ධ බවට කියැවෙන මුල්‍ය වංචා සහ දුෂණ මුල්කරගනිමිනි.
තමා කිසිදු වරදක් සිදුකර නැති බව අගමැති රසාක් පවසන අතර මානව හිමිකම් සම්බන්ධ කණ්ඩායම් පවසන්නේ ඔහුට එරෙහි දෝෂාරෝපණ එල්ලකරන්නන් බියගැන්වීමට අගමැතිවරයා කටයුතු කරන බවය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් පොලිස් මර්ගබාධක නොතකා ගමන්ගත් අතර විරුද්ධපක්ෂ දේශපාලන නායකයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
බෙරගසමින්, ගායනා කරමින් සහ උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතාකරුවෝ නගර මධ්‍යය වෙත ගමන්කළහ.
මෙම ජනරැළිය නීතිවිරෝධී බව පොලීසිය නිවේදනය කළ අතර රජයේ මාධ්‍ය ප්‍රකාශ කළේ හත්දහසකට වැඩි පොලිස් භට කණ්ඩායම් විරෝධතාවය පැවැත්වෙන ප්‍රදේශයට යවා තිබුණු බවය.























