ඉන්දීය හමුදා රථපෙළකට ප්‍රහාරයක්

Published
ඊසානදිග ඉන්දියාවේ පිටිසරබද ප්‍රදේශයකදී දැඩිලෙස සන්නද්ධවූ සටන්කරුවන් පිරිසක් විසින් යුද හමුදා රථ පෙළකට එල්ලකරනු ලැබූ ප්‍රහාරයක් හේතුවෙන් සොල්දාදුවන් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ අතර තවත් සෙබළුන් හතර දෙනෙකු තුවාල ලැබීය.
ඇසෑම් ප්‍රාන්තයේ නැගෙනහිරප්‍රදේශයේ සටන්කරුවන් ඔවුන් විසින්ම නිපදවා ගත් බෝම්බ, රොකට් ප්‍රහාරකයකින් විදිනු ලබන අත් බෝම්බ සහ AK-47 රයිෆල් තුවක්කු මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බව මාධ්‍ය වාර්තාකරයි.
ප්‍රහාරකයන් පලායාමට සමත්වී ඇති අතර පොලීසිය විශ්වාස කරන්නේ මෙය වෙනම පාලනයක් වෙනුවෙන් සටන්වදින ඊසානදිග ප්‍රදේශයේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් එක්ව කළ ප්‍රහාරයක් ලෙසටය.
ප්‍රහාරය එල්ලවූ ප්‍රදේශය බෙදුම්වාදී ගැටුම් රැසක් වාර්තාවූ ප්‍රදේශයක් වන අතර ඒවායින් බොහොමයක් ගෝත්‍රික හෝ ක්‍රිස්තියානි ජනකොටස් සම්බන්ධ ගැටුම් බව පෙනී යයි.

























