රොහින්ග්‍යා සරණාගතයෙක් ගිනි තබාගනී

ඡායාරූප මූලාශ්‍රය, EPA
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ බැංකුවක් තුළදී සිය සිරුරට ගිනි තබාගත් පුද්ගලයා මියන්මාරයේ සිට පැමිණි දේශපාලන රැකවරණ පතන්නකු යයි හඳුනාගෙන ඇත.
විසි එක් හැවිරිදි එම තරුණයා ඊයේ සිකුරාදා සිය සිරුරට ගිනිතබා ගැනීමෙන් අනතුරුව දැඩි පොලිස් ආරක්ෂා මැද ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරනු ලැබ ඇත.
මීට අවුරුදු තුනකට පෙර බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට පැමිණි තමා රැඳවුම් භාරයේ සිටි බව එම තරුණයා පොලිසියට පවසා ඇත.
සරනාගතභාවය ඉල්ලා සිටීමෙන් පසු රැඳවුම්භාරයේ තබා අනතුරුව මුදාහරිනු ලැබ සිටි තරුණයා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳව තීන්දුවක් බලාපොරොත්තුව සිටි අයකු බව පැවසෙයි.
රොහින්ග්‍යා මුස්ලිම් ජාතිකයකු වන තරුණයා ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් තමා යළි මියන්මාරයට යවනු ඇත යන බියෙන් පසුවූ බව එම ජනකොටසට අයත් පුද්ගලයෝ පවසති.
එම තරුණයා මූල්‍ය ප්‍රශ්නවලට මුහුණ දී සිටි බවත් ඔවුහු වැඩිදුරටත් කියාසිටිති.























