ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් නයිජීරියානු හමුදාවට චෝදනා

Nigeria
ඡායාරූප ශීර්ෂ වැකිය, නයිජීරියාවේ ගිනිකොනදිගින් පිහිටි බයෆ්රා පළාතේ ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් විරෝධතා දක්වන පිරිසක්
Published

පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා සාමකාමී විරෝධතාකරුවන් එකසිය පනහක්වත් මරා දමනු ලැබීම පිළිබඳව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය නයිජීරියානු හමුදාවට චෝදනා කරයි.

එම ආයතනය පවසන්නේ නයිජීරියාවේ ගිනිකොනදිගින් පිහිටි බයෆ්රා පළාතේ ස්වාධීන රාජ්‍යයක් අපේක්ෂා කරන විරෝධතාකරුවන් ස්ථාන කිහිපයකදී ප්‍රබල මර්දනයකට ලක්කර ඇති බවය.

නයිජීරියානු හමුදාව මෙම චෝදනා ප්‍රතික්‍ෂේප කර ඇති අතර විරෝධතාකරුවන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බව පවසයි.

වසර පනහකට පමණ පෙර බයෆ්රා පළාතේ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ගත් පළමු උත්සාහය හේතුවෙන් නයිජීරියානු සිවිල් යුද්ධය ආරම්භ විය.