තුති පළකරන්නන්ට රහසේ මැවුණු අසිරිය

වීඩියෝ ශීර්ෂ වැකිය, තුති පළකරන්නන්ට රහසේ මැවුණු අසිරිය
Published

දකුණු කැලිෆෝනියාවේ මහාමාර්ගයක පැවති වාහන තදබදයක් පෙන්නුම් කෙරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජලා තුළ විශාල ජනප්‍රියතාවක් ලබා තිබේ.

ප්‍රවෘත්ති ආයතනයකට අයත් හෙලිකොප්ටර් යානයක සිට මෙසේ රූගත කෙරුණේ දකුණු කැලිෆෝනියාවේ 405 අධිවේගී මාර්ගයේ හටගෙන තිබූ වාහන තදබදයයි.

ඉදිරිපසට ධාවනය කෙරෙන වාහනවල සුදු පැහැති ලාම්පු එලිය සහ ප්‍රතිවිරුද්ධ දිශාවට දිවෙන රථවල පසුපස ලාම්පු මගින් මනස්කාන්ත දර්ශනයක් මැවී තිබුණු ආකාරයයි මේ.

17 වන සියවසේ සිට ඇමරිකාවේ පැවත එන 'ස්තුති පළ කිරීමේ දිනය' සැමරීමේ චාරිත්‍රය ඉටු කිරීමට යාම උදෙසා මාර්ගයට පිවිසි දහස් ගණනක් වූ පිරිස හේතුවෙන් මෙම මාර්ග තදබදය හටගෙන තිබුණි.